Total Pageviews

Monday, November 20, 2023

මුලසිටම DERIV / BINARY / FOREX Trading අධ්‍යාපනය 100% Free

 


හොඳයි ආයුබෝවන් 🙏 සෑම සියළු දෙනාටම ජයෙන් ජයම වේවා...!!!  ගොඩක් කාලයකට පස්සේ හිතුන Blog එකේ DERIV ගැන පොස්ට් ටිකක් දැම්මොත් හොඳයි කියල. OK.. ඉතින් කොහොමද Business කටයුතු ? හොඳින් කරගෙන යනවද ? මගේ ගැන ඉතින් කියන්න කියල විශේෂ දෙයක් නැහැ. වෙනදටත් වඩා හොදින් මගේ Trading ව්‍යාපාරය කරගෙන නිදහසේ සතුටින් ඉන්නව😀 සාක්ෂි අවශ්‍ය නම්  post එක කියවගෙන පහළටම යන්න..

දැන් ගොඩක් අළුත් අය " මේක තමයි ඉක්මනට ගොඩයන්න තියෙන එකම වැඩේ " කියල හිතාගෙන   තරඟෙට DERIV Accounts හදාගෙන මාර නැටුමක්‌ නටාගෙන යනබව   පේනව. 😇   ඔය එක එක YouTubers ලගේ Likes , Views ගන්න පොඩි දෙයක් අලලගෙන කෑගහන  Video Clips බලල නම් මේ වගේ වටිනා Full Time Income එකක් ගන්න පුළුවන් ව්‍යාපාරය   නැතිකරගන්න එපා..! ඒ වගේම එයාල ඔයාට මවල පෙන්වල ඔයාව රවට්ටගෙන පහළ තියෙන link එකෙන් යන්න කියනව නේද ? 😇 කීයටවත් ඒක කරන්න එපා! කෙලින්ම link එකකින් දිගටම Sign Up වනවිට Affiliate Link එක Banned වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩියි. එහෙම උනොත් ඉතින් link එකෙන් Account එක Create කල  ඔයාට මොකද වෙන්නෙ ? 😌  අඩුම ගානෙ ඔය YouTubers ල  දන්නෙ නැද්ද Landing Page එකක් Create කරල වත්  ඔය වැඩේ කරගන්න. මේව ගැන කතාකරල වැඩක් නැහැ ඔබෙත් මගෙත් කාලය අපරාදෙ..

Ok. අපි බලමු  අළුතෙන් එකතුවෙන කිහිපදෙනෙක්  හරි ගොඩදාලා දෙන්න පුලුවන්ද  කියල .මාත් සමග ගමනක් යනවනම්  කියන පිළිවෙලට වැඩේ වෙන්න ඕන හරිද ?

ඒ උනත්  මට නිකමට වගේ  හිතෙනව මගේ  වැඩක් බලාගෙන හිටියනම් මේ කිසිම කරදරයක් නැහැ නේද කියලත් 😎 මොකද මම YouTube Video Lessons වල  කට කැඩෙනකන් කිව්ව Short Time Trading වලට යන්න එපා Long Time Trading වලට Try කරන්න කියල. කොහෙද ඉතින් ඉක්මනට ගොඩයන්න නේ  ඕන නේද ? කෝ බලන්න දැන් ගොඩගිය අය ඉන්නවද කියල. ඉන්නව නම් පහළින් Comment 1 ක් දාගෙන යන්න.  

           ඇයි ඉතින්  ඔයාල ලොකු ලොකු ගණන් ගෙවල Trading Courses කලානේ මගෙන් ඉගෙනගන්නෙ මොකටද ?  මගේ YouTube Channel 2 ටම දැනට අවුරුදු 4 කින්  එකම Video Lesson එකක් වත් Upload කලේ නෑ  ඒ වෙද්දිත් මට Google Adsense account එකට මාසෙකට $ 200 විතර ආව.අපරාදෙ නේ ඇයි නැවෙත්තුවේ කියල අහයි. මම Binary Trading  මුලින්ම පටන්ගත්තෙ 2012 උනත් Binary Trading  මුල්ම Video Lesson එක දැම්මෙ 2016. අවුරුදු 4 ක අද්දැකීම් එක්ක.මොකද මට අවශ්‍ය උනේ නිවැරදිම දේ  ඔබට ලබාදීමටයි පසුකාලීනව ටිකෙන් ටික  YouTubers ලගෙ  මහා දැනුම සමාජයට සම්ප්‍රෂණය වීමත් සමගම මටම හිතුන මගේ වැඩක් බලාගෙන ඉන්න එක තමයි හොඳම වැඩේ කියල 2019 න් පස්සෙ YouTube Video Lesson Upload කිරීම නවතා දැමුවා. දැන් සැපද ? මටනම් සැපයි සනීපයි. සාමාන්යෙන් දවසකට පැයක පමණ කාලයක්  විතරයි  මම Trade කරන්නෙ හරි market බලන්නෙ. අනිත්  වෙලාවට කොහේහරි යනව නැත්නම් ගෙදර මොකක්හරි  වැඩක් කරනවා. එත් නැත්නම් නිදහසේ ඉන්නවසතියකට වරක් Deriv එකෙන්   Withdraw එකක් දාන්නත් අමතක කරන්නෙ නැහැ 😀 මේ අද 11/20/2023 post එක Type කරන වෙලාවෙ ගත්ත නිසා screenshot එකක් දාන්න හිතුනා💗



  කෙනෙකුට හිතෙන්න පුළුවන්, අපි නන්නත්තාර වෙලා ඉන්න වෙලාවෙ මෙයා ලොකු line පෙන්නනව කියල 😟 ඔව් එහෙම හිතුවත් කමක් නැහැ 😀 අද LKR / USD Rate එක 320 ක් කියල බැලුවත් 320 x 10000 = ලක්ෂ 32 ක මුදලක්. මේ දේවල් පෙන්වීම තුළින් මගේ අදහස  ඔබ තුළ මේ කෙරෙහි ව්ශ්වාසය සහ උනන්දුව ඇතිකිරීම පමණයි. හරි දැන් කථා ඇති අපි වැඩේ පටන් ගනිමු

   
නැවතත් ඔබට කියන්න තියෙන්නෙ මාත් සමග ගමනක් යන්න අදහසක් තියෙනව නම්, Trading Subject Learning Period එක තුළදී  මගේ RULE වලට පිටින් කිසිම කෙනෙකුට වැඩකරන්න බැහැ . OK.. එහෙම කරනව නම් කරුණාකරල මේව කියවල කාලය නාස්ති කරගන්නෙ නැතුව YouTube එකෙන්ම ඉගෙනගන්න.

              හොඳයි ... පහත සඳහන් මූලික කරුණු එකින් එක ගැන සරළව කථාකරමු
     

  • Create an New DERIV Trader training account 2024
  • How to Create a SKRILL Account 2024
  • How to Create a NETELLER Account 2024
  • Correct Education an Practice
  • Basic education and trading in DERIV 2024
  • Preparing Your Mind and Thoughts for Trading
  • How to Create a Forex Trading Demo Account in DERIV 2024
  • What is MetaTrader 5 platform and how it works 
  • Let's Learn the World's Best Expert Trading Methods
  • Create a New DERIV Trader Real account 2024
  • DERIV, Skrill, Neteller 100% Verification 2024
  • How to Deposit Money in the DERIV platform 2024
  • How to win Through Confidence, Interest, Commitment and Patience ? 2024
  • Market Reading Training
  • Learning the candlestick patterns and chart patterns
  • How to Create a Forex Trading Real Account in DERIV 2024
  • Let's send money from Deriv account to Forex account
  • Withdrawal from Forex Account to Deriv


  1.  How to Create a Forex Trading Demo Account in DERIV 2024                
ඔබ Trading වලට අළුත් කෙනෙක් නම් DERIV Demo Account එකක් " පුහුණු ගිණුමක් " අවශ්‍ය වෙනවා. අළුත් Update එක ටිකක් වෙනස් නිසා පහළ Screen shot ටික පියවරෙන් පියවර බලල 👉 මෙතැනින් DERIV Registration Page එකට ගිහින් Account එක හරියටම හදාගෙන එන්න. මේ site  එක හරහ Account Create කරන අයට කලින් දුන්න වාසි ටික ඒ විදියටම මෙවරත් ලැබෙනව. 😀

 DERIV කියන නාමයෙන්ම Fake Website ඕන තරම් තිබෙන බව දැනටමත් ඔබ දන්නවා. මේ ගිණුම  අපට ඉතා වටිනවREAL Account එක හදන්න තියෙන්නෙත් මේ ගිණුම තුළින්මයි.  ඒ නිසයි මේ link එකෙන් යන්න කියල කට කැඩෙනකන් කියන්නෙ.ඔයාට කැමති විදියකට කරගන්න. Ok. DERIV Website එකෙන්ම  ගිණුමක් හදන එක හොඳයි කියල හිතෙනව නම් 👉 මෙතනින් ගිහින් හදාගෙන එන්න.
    
 හරි මොන Link එකෙන් ගියත් වටේ යවන්නේ නැතිව කෙලින්ම එන්නෙ පහළ screen Shot එකේ පෙන්වන Registration page එකට. හොඳට බලන්න මම ඊතලයක සලකුණක් පෙන්වල ඇති cerate free demo account කියන තැන click කරන්න. පහළ පින්තූරයේ නෙවෙයි හරිද 😇 ඉහළ දීල තියෙන Link දෙකෙන් කැමති එකකින් ගියාට පස්සෙ.       




1 කියන තැනට ඔයාගෙ සත්‍ය තොරතුරු දීල හදල තියෙන පුද්ගලික E mail address එක දෙන්න. Gmail එකක් හරි Outlook එකක් තමයි එයාල බලාපොරොත්තු වෙන්නෙ. නැත්නම් මේකටම වෙනම එකක් හදල ඒක දෙන්න. පහළ I agree කියන තැනට tic මාර්ක් එකක් දාල 2 Create Demo account මත click කරන්න        
     
පහළ රූපය බලන්න. දැන් කියල තියෙනව ඔයා කලින් දුන්න E mail එක ඔයාගේමද බලන්න එයාල අදාළ E mail එකට Message එකක් යවනවා. දැන් E mail inbox එකට ගිහින් බලන්න Message එකක් එවල ඇති.

පහළ රූපයේ පරිධි අදාළ email එක open කරන්න. දැන් Verify my email කියන තැන click කරන්න.

 පහළ රූපය බලන්න. E mail Link එකෙන් එන්නේ ඔතනට. දැන් Country එක Select කරන්න තියෙන්නෙ. 1 හා 2 කියන ස්ථාන වලට Sri Lanka හොයල Select කරල  Next යන්න.
 

පහළ රූපයට අදාළව 1 දැන් තියෙන්නෙ හොඳ Password එකක් දෙන එක. Character's  8 හෝ ඊට වැඩි Strong password එකක් දෙන්න රූපසටහනේම පහළ මම උදාහරණයක් පෙන්නල ඇති. කොහොම උනත් දෙන එක කොහේහරි සටහන් කරල තියාගන්න. 2 Start Trading Click කරන්න.

පහළ රූපය දෙස බලන්න. ඔබට Trade කරන්න කොපමණ Option ප්‍රමාණයක් තියෙනවද  බලන්න. 😲 මොකකින් හරි ගේමක් ගහගන්න බැරිවෙන එකක් නැහැ නේද ? 👍 දැන් ඔය රූපයේ පහළම තියෙන Next කියන එක 6 පාරක් විතර Press කරගෙනයන්න. රූපයේ නෙවෙයි 😃 ඔබ දැන් ඔය හදාගෙන යන Account Page එකේ.


පහළ රූපය බලන්න. දැන් ඔබ එන්නේ මෙතැනට. පහළම තියෙන Start Trading මත Click කරන්න.



පහළ රූපයේ පෙනෙන ආකාරයට Next මත Click කරන්න.




නැවතත් පහළ රූපයේ පෙනෙන ආකාරයට Next මත Click කරන්න.




පහළ රූපයේ පෙනෙන ආකාරයට OK  මත Click කරන්න.




දැන් ඉතින් account එකේ වැඩ අවසන්🙏  පහත රූපය බලන්න. දැන් ඔබට  USD 10,000 ක   virtual money Demo Account එකක් හැදිල තියෙනව. Deriv Trader කියන තැන තියෙන Open මත Click කරන්න



 

 D Trader Platform එක පහත පෙනෙන ආකාරයට තමයි මුලින්ම තියෙන්නෙ. අපට අවශ්‍ය විදියට Interface එක ඉතින් Customize කරගන්න ඕන සහ මේකේ තියෙන Tool ගැන Basic දැනුමක් ඕනෑ වෙනව

 

DERIV Website එකෙන්ම ගිණුමක් හදන එක හොඳයි කියල හිතෙනව නම් 👉 මෙතනින් ගිහින් හදාගෙන එන්න.  


දැන් අපි බලමු  කොහොමද Interface එක Customize කරගන්නේ සහ Trading වලට අපට නිතර වැදගත් වෙන Tools මොනවද කියල.
      

Customize User Interface

අපි පහළ රූපයේ ඊතලය ඇති කොටසට අවධානය යොමු කරමු.


දෙවන රූපයේ ඊතලයෙන් පෙන්වා ඇති ස්ථානය Click කිරීමෙන් ඔබට Trade කිරීමට හැකි Markets බලාගන්න පුළුවන්. [ Forex,Synthetics,Cryptocurrencies,Baskets,Commodities ] උදාහරණයක් ලෙස ඔබට Forex Trade කරන්න ඕන කියල හිතුනොත් Forex මත click කරල List එකෙන් අවශ්‍ය Currency Pair එක මත Click කරන්න තමයි තියෙන්නෙ. ඔය පහළ Markets Closed කියල තියෙන්නෙ මේ Screen Shot එක ඉරිද දවසක ගත්ත නිසයි. සෙනසුරාද සහ ඉරිදා දවස්වල Synthetics තමයි Open වෙලා තියෙන්නෙ. මමත් ඒ දවස් වලට Synthetics   වල තියෙන Volatility Index Markets හරි Cryptocurrencies වගේ ඒව තමයි බලන්නෙ. ඔයාල කැමති විදියකට 😀      


ඔයාලගෙ ඔය Platform එකේ වම් පැත්තට වෙන්න උඩින්ම තියෙන  Deriv Trader කියන තැන Click කරන්න. මේ වගේම තවත් එයාලගෙ Platform 3 ක් තමයි එතන තියෙන්නෙ. ඒක දැන් මේ වෙලාවෙ අවශ්‍ය නැහැ. පහළ රූපය බලාගෙන යන්න.

පහළ Image එක බලන්න. එතන දෙවැනියට තියෙන ඊතලය ඇති ස්ථානය Click කරන්න. කලින් තිබුණු Platforms ඔයාට අවශ්‍ය නම් එතනින් Open කරගන්න පුළුවන්. දැනට අපි Open කරගෙන තියෙන්නෙ Deriv Trader කියන Platform එක විතරයි. Phone එකකින් Use කරන්න Deriv Go කියන APP එකත් තියෙනව.


      
           
  

පහළ Image එක බලන්න. ඔයා Trading Business එකෙන්  සාර්ථක වෙද්දි  ඉහලටම යන්න අවශ්‍ය වන Trading Platform කිහිපයක් තමයි ඔය පහළ තියෙන්නෙ. 


 මේ තමයි ඔයාට තියෙන CFD Accounts. මේ ගැන වැඩිදුර දැනගන්න අවශ්‍ය අය 👉 මෙතැනින් ගිහින් ඒ Post එක බලන්න. English language එකෙන් තමයි තියෙන්නෙ. ඒත් හැමෝටම හොඳට ඉංග්‍රීසි බැරි නිසා උවමනාවක් තියෙන කෙනෙකුට Google Translate භාවිතාකරල කියවගන්නත් බැරිකමක් නැහැ. 
  
ඉහළ තියෙන image එක බලන්න.  මේ ගැන දන්නෙ නැතිකෙනෙකුට නිකං අවුල් වගේ ඇති නේද ? 😇 දැනට මේ ව්‍යාපාරය කරගෙන යන්න මේ කිසිම දෙයක් අවශ්‍ය නැහැ. හරිම Simple step ටිකක් තියෙන්නෙ. අපි Trade කරන්නෙ Deriv Platform එකේ නේ. 😀   

කවද හරි ඉතින් අපි CFD Account වලත් Trade කරනව නේද ?  හරි දැනට පහළ තියෙන වචන ටික ඕන වෙන්නෙ නැහැ. එත් පස්සෙ ඕන වෙනව. මම හැමෝටම පැහැදිළිව තේරෙන විදියට එකින් එක වෙන Post එකකින් කියල දෙන්නම්.

  •  Leverage 
  •  Pips 
  •  Equity
  •  Margin
  •  Free Margin
  •  Margin Level 
  •  Volume
  •  Take Profit
  •  Stop Loss               

                      
                        
                         
 
පහළ image එක.  Deriv Trader Platform එකේ ඊතලය ඇති ස්ථානය බලන්න. එතනින් තමයි ඔයාගෙ Profit / Lost Business details ටික බලාගන්න තැන.                     

                              
                       
                      
                      
                      




Cashier කියන තැනින් තමයි  සියළුම මුදල් ගණුදෙනු කරගන්න තියෙන්නෙ. Demo Account එකට අවශ්‍ය නැතිවුණත් Real Account එකේදි ඉතා වැදගත්. 


දැන් අපි පහළ කොටසට යමු. යට තියෙන image එක බලන්න. Chart Type එක සහ Time interval එක හදන්නේ එතනින්.



 ඔයාගෙ chart එකේ මුලින්ම තියෙන විදිය තමයි මේ. Time interval එක  1tic කියන තැන තියෙන්නෙ. Tic කියන එක ගැන පහලදි කියන්නම්. දැනට මිනිත්තු / පැය / දවස් වලින් බලමු.  යම්කිසි මුදල් ඒකක යුගළයක මිල   "උදා - EUR / USD " එකිනෙක නිතර හුවමාරුවීම නිසා ඇතිවන  ඉල්ලුම සහ සැපයීම මත හැම මොහොතකම එහි අගයන්  වෙනස්වෙනවා.ඒ වෙනස ඔබේ Chart එකේ පෙන්විය යුතු කාලය මිනිත්තුවෙන් මිනිත්තුවටද ? මිනිත්තු පහෙන් පහටද ? ඒ ආදී වශයෙන් දෙන්න තියෙන්නෙ. මම නම් දීල තියෙන්නෙ 5 Minutes. ඔබට කැමති එකක් දෙන්න. 1Tic තියෙන නිසා තමයි උඩ Area කියන එක විතරක් තියෙන්නෙ. මිනිත්තු හරි වෙන එකක් දුන්න ගමන් Candle කියන එක Highlight වෙනව. නැවත පහළ රූපසටහන බලන්න. 


             
 අපි දැන් මිනිත්තුවෙන් මිනිත්තුව පෙන්නන්න කියල දීල Candle කියන එකත් දෙමු.



මිනිතුවක් තුළ ඉහළ යාම කොල වර්ණයෙනුත් මිනිත්තුවක් තුළ පහළ යාම රතු වර්ණයෙනුත් දැකගන්න පුළුවන්.
 
ඉහත පෙනෙන පරිධි දෙවන ඊ සලකුණ සඳහන් ස්ථානයට යමු.


තාක්ෂණික විශ්ලේෂණ සහය  ඔබේ ව්‍යාපාරයට අත්‍යවශ්‍යම අංගයකි. Indicator අපේ වචනයෙන් කිව්වොත් "දර්ශක" මේ ගැන වැඩිදුර ඉදිරියට කතාකරමු. Indicator එකක් ගන්නෙ කොහොමද කියල බලමු. පහළ image එක බලන්න.


මම Momentum වලට ගිහින් Awesome Oscillator කියන Indicator එක click කරනව. ගොඩක් තියෙනව.අරගෙන දාගෙන බලන්න.

පහළ ඊතලය ඇති ස්ථානයෙන් Templates Save කරන්න තියෙන්නෙ ඒක අපට වැදගත් නැහැ.  


             
මට දෙයක් කියන්න බැරිවුනා. Platform එකේ දකුණු පැත්තෙ යටම තියෙනව පොඩි සලකුණක් එක Click කලාම Interface එක Black කරගන්න පුළුවන්. පහළ Image එක බලල අවශ්‍ය නම් කරගන්න.


    

    

 ඉහළ රූපයේ ඊතලය ඇති ස්ථානය බලමු.



 Drawing Tools මේකත්  Trading වලට ගොඩක් වැදගත්. ඔබේ Interface එකේ ඉහලින් පෙන්වා ඇති ස්ථානය Click කරන්න.



දැන් ඉහත ආකාරයට අවශ්‍ය එක මත Click කරගන්න. මම Horizontal line එකක් කියල දුන්න. S/R Line , Trend Line , Channel වගේ Tools දාගෙන Market Read කරන්න Supper. 👍



 ඉහත ආකාරයට Line එක අවශ්‍ය තැන Click කිරීමෙන් දාගන්න පුළුවන්. 


 


 Line එකේ Color වගේ දේවල් වෙනස්කර ගැනීමට අදාළ ස්ථානයම Click කරන්න.

 


ඉහත + සහ - ලකුණු  වලින් Chart එක Zoom In / Zoom Out කරගන්න.



මේ කොටසත් අපට ඉතා වැදගත්. Option ගොඩාක් යටතේ Tread කිරීමේ හැකියාවක් තියෙනව. එත් මම Use කරන්නෙ නම් ඔය ඊ සලකුණෙන් පෙන්වන Rise / Fall Option එක.



 Rise / Fall Option එක මත click කිරීමෙන් මේ සියළු Options බලාගන්න පුළුවන්.



අපි Order එකක් දාන්න කලින් කාලය තීරණය කළයුතුයි. ඊතලයෙන් පෙන්වන තැනින් තමයි කාලය ලබාදෙන්නෙ. Ticks / තප්පර / මිනිත්තු / පැය සහ දින වශයෙන්. උදාහරණයක් ලෙස දැන් මම හිතනව මිනිත්තු 15 තුළ Market එකේ ඉහළයාමක් තියෙනව කියල. මිනිත්තු Select කරල 15 ක් Type කරල USD කීයක්ද කියල දාල Rise කියන එක click කරනව. 😀 





                      

Ticks Order එකක් යනු ඉතාම කුඩා කාලයකින් Profit Or Loss වෙන Trades. Tick එකේ දෙකේ ඉඳල 10 දක්වා දෙන්න පුළුවන්. උඩින්ම තියෙන Trade එක Tick 6 Buy එකක් නැත්නම් RISE Order එකක්. ඊට පහළ එක Tick 6Sell නැතනම් FALL Order එකක්. දෙකම Profit 😀 Try කරලම බලන්න.



 මුලින්ම හොඳ market එකක් හොයාගන්න. පුළුවන් තරම් දැනට තියෙන Trend එක බලන්න. හරියටම හැරෙන තැනක් අනුමාන කරගෙන පහත Steps ටික කරන එක තමයි තියෙන්නෙ. ටිකක් Profit වේගෙන එනකොටම Real Account වලට යන්න හදන්න නම් එපා.එහෙම ඉක්මණට ගොඩයන්න හොයන අය මේව කියවල වැඩක් නැහැ.🙏      

1. Rise / Fall Option එක දෙන්න. 
2. මිනිත්තු නම් කීයක්ද කියල දෙන්න.
3. USD කීයක්ද කියල දෙන්න.
4. ඉහළ කියන්නෙ Rise පහළ කියන්නෙ Fall  දෙකෙන් අදාළ එක Click කරන්න.


 දැන් කොහොමද Platform එක. හරි එහෙනම් අදට ඇති. ඊළඟ Post එකත් පුළුවන් ඉක්මනින් දාන්නම්. ඔබට සහ සෑම සියළු දෙනාටම ජයෙන් ජයම වේවා 🙏

Skrill ගිණුමක් නැත්නම් මේ Post එක 👉 මෙතනින් බලන්න. 

Binary com New Update In DERIV ළිපිය කියවන්න. 👉 මෙතැනින්  

DERIV P to P ළිපිය කියවන්න. 👉  මෙතැනින්   


Photo Selling ව්‍යාපාරය ගැන දැනගන්න ළිපිය කියවන්න 👉 මෙතැනින්   


( Forex Trading / Binary Option  වැනි ව්‍යාපාර  ඉතා අවදානම් ව්‍යාපාර  ලෙස හඳුන්වනු ලැබේ. එබැවින් විශාල ලාබ මෙන්ම අලාභ ද සිදුවීමට ඉඩ තිබේ. යම් කාලයක්  ප්‍රගුණ කිරීමකින් තොරව ඔබට දැරිය නොහැකි මුදලක් ආයෝජනය කර ඉක්මන් ප්‍රතිඵල නොසොයන්න. අවම මුදලක් ආයෝජනය කරන්න. හැකි උපරිම  විදේශ විනිමයක් අපේ මවුබිමට ගෙනෙන්නට  උත්සහ කරන්න )
    

7 comments: