Total Pageviews

Showing posts with label Deriv P2P DP2P. Show all posts
Showing posts with label Deriv P2P DP2P. Show all posts

Tuesday, September 29, 2020

BINARY / DERIV මේ Option එක කොහොමද?

ඔයාගෙ ගිණුමේ මුදල් නැද්ද? USD දාගන්න විදියක් නැත්ද? තියෙන $ ටිකක් වැඩිමිලට sell කරමුද? මේ post එකෙන් අද කියන්න යන්නෙ Binary com ආයතනය Deriv.com බවට පත්වීමත් සමග අපට ලබාදුන් නව විශේෂාංග අතරින් DP2P ලෙස හඳුන්වන CR ගිණුමකින් තවත් CR ගිණුමක් සමග ගණුදෙනු කරන ක්‍රමය ගැනයි.







Binary com ආයතනය Deriv.com බවට පත්වීමත් සමගම නව වෙළඳ වේදිකා 4 හඳුන්වාදුන් බව ඔබ දන්නව. ඒ ගැන දැනගන්න අවශ්‍ය අය "මෙතන" click කරල ගිහින් අදාළ post එක බලල ඉන්න.

හොඳයි අපි බලමු මොකක්ද මේ DP2P කියන්නෙ කියල.






උදාහරණයක් ලෙස "A" කියන ඔබේ ගිණුමට USD අවශ්‍ය නම් "B" කියන යහළුවාගේ ගිණුමෙන් කෙලින්ම මුදලක් ගෙන්වා ගැනීමක් තමයි වෙන්නෙ. අපට තියෙන්නෙ අවශ්‍ය USD ප්‍රමාණය සහ $1 ක් සඳහා රුපියල් කීයක් යනවද කියන දේවල් බලාගෙන    "Buy AD" එකක් දාන්න. දැන් USD / LKR selling rate එක 333 වගේ යන්නෙ. ඒ ගානට නම් දෙන එකක් නැහැ. මොකද USD sell කරන කෙනත් පොඩි ලාබයක් තියාගෙන දෙන්න තමයි බලන්නෙ. ඒ නිසා 390 / 400 ක් වගේ දාන්න වෙනව. පහල රුපය බලන්න.


ඔබේ දැන්වීම මත ඔහු  click කිරීමෙන් පසු ලංකාවේ බැංකු ගිණුම් අංකයක් හෝ මොකක් හරි payment Method එකක් ලබාදුන් විට අදාල ගිණුම් අංකය වෙත ගෙවීම කලයුතුයි. ඉන්පසු ඔබේ  Deriv  ගිණුම වෙත අවශ්‍ය USD  මුදල ලැබෙනු ඇත. මෙහි විශ්වාසය පිළිබඳව කිසිම ගැටළුවක් ඇති නොවන්නේ සම්පුර්ණ ක්‍රියාවලිය Binary com ( deriv.com ) හරහා සිදුවන නිසයි.


දැන් අපි බලමු  දැනට ඔබේ Deriv  ගිණුමේ තිබෙන USD  ටිකක් sell කරල ලාබයක් ලබාගන්නේ කොහොමද කියල. පහල රුපය බලන්න.

 








  ඔයාගෙ CR ගිණුමේ $ 100 ක් තියෙනව කියල හිතන්න.ඔයාට  $10 ක් sell කරන්න ඕන කියල හිතුනොත් $1දෙන LKR rate එක , ලංකාවේ ගණුදෙනු කරන්නට බලාපොරොත්තුවන බැංකු තොරතුරු , ඔබව සම්බන්ද කරගතහැකි මාර්ග සහ කෙටි විස්තරයක් සඳහන් කර "Sell Ad" එකක් හදල දාල තියන්න තමයි තියෙන්නෙ. අවශ්‍ය කෙනෙක් "Sell Ad" එක මත click කිරීමෙන් පසු notification එකක් ලැබෙනු ඇත. ඔබට තියෙන්නෙ ඔබේ බැංකු ගිණුම් සහ තොරතුරු ලබාදී මුදල් ලබාදුන් පසු ඔහුගේ Deriv  ගිණුම වෙත අදාල usd ප්‍රමාණය ඉක්මනින් යැවීමයි. ඉතාම සරළ  account dashboard එකක් තියෙන නිසා මේ දේවල් ඉක්මනින්ම කරගන්න පුළුවන්.  නමුත් කිසිසේත්ම මුදල් ලබාගෙන usd නොයවා ඉන්න නම් බැහැ. එහෙම කලොත් එම usd ප්‍රමාණය Hold වෙනව. $10 ක් sell කරන්න ad එකක් දාල හිතුනොත් අවශ්‍ය නැහැ කියල "delete ad" click කරල delete කරල Cancel කරල දාන්න.

දැන් මේක කරන්නෙ කොහොමද කියල බලමු.

මුලින්ම ඔයගෙ DTrader Platform එකට login වෙන්න. තවමත් Binary com ( Deriv.com ) පුහුණු ගිණුමක් වත් නැතිකෙනෙක් නම් "මෙතනින් " නව ගිණුමක් නිර්මාණය කරගන්න. 



Cashier වලට යන්න.



 DP2P click කරන්න.
My ads වලට යන්න. රතු ඊතලය ඇති තැන click කරන්න. 


"nick name" එකක් දෙන්න. කැමති එකක්..( උදාහරණයක් ලෙස ඔබේ නමේ පොඩි කොටසක් දෙන්න) පසුව  Confirm දෙන්න. දැන් account එක හරි. පහල රූපය බලන්න.

    

දැන් අපි Buy Ad එකක් දාන්නෙ කොහොමද කියල බලමු.

Create new ad click කරන්න.



1 ස්ථානයෙන් buy තෝරන්න. 2 කොටසට ඔබ USD කීයක් ගන්නවද කියල දෙන්න. 3 කොටසට ඔබ $1 ක් සඳහා රුපියල් කීයක් ගෙවනවද කියල දෙන්න. 4 ස්ථානයට අවම usd කොපමණද සහ 5 ස්ථානයට උපරිම අගයන් දෙන්න. එතැනදි ඔයා හිතන්න $ 50 ක් ගන්න හිතන් ඉන්නව කියල එත් $ 30 උනත් ඒ ගානට  ගන්න කැමතිනම් 4 කොටුවට $30 ත් පස්වන ස්ථානයට $50 දෙන්න. නැත්නම් දෙකටම සමාන අගයක් දෙන්නත් පුළුවන්. 6 කොටුවේ පොඩි වචන දෙක තුනක අවශ්‍යතාවය ගැන සඳහනක් දෙන්න. පහලම ඇති post ad කියල එකක් ඒක දුන්නම ad එක පොස්ට් වෙනව.


ඉහත රුපයේ ආකාරයට ඔබ පොස්ට් කල Buy ad එක ගිණුමේ දැකගන්න පුළුවන් මෙය $10 ලබාගැනීම සඳහා post කල ad එකක්. 


ඔබට ad එක අවශ්‍ය නැහැ කියල හිතුනොත් ඉහත රූපයේ ඇති ස්ථානය click කරල delete කරල දාන්නත් පහසුවෙන්ම පුළුවන්.


 දැන් Sell Ad එකක් create කරන ආකාරය බලමු.


Create new ad click කරන්න.



 1 ස්ථානයෙන් sell දෙන්න. විකිනීමට බලාපොරොත්තුවන USD ප්‍රමාණය 2 කොටසට දෙන්න. 3 ස්ථානයට $1 සඳහා ගෙවියයුතු මුදල දෙන්න.4 ස්ථානයට අවම usd කොපමණද සහ 5 ස්ථානයට උපරිම අගයන් දෙන්න. උදා - ( $ 10 ක් sell කරනවනම් අවම දෙන්නෙ $5 සිට උපරිම $10 දක්වා කියල හිතනව නම් 4 ස්ථානයට $5 ත් 5 ස්ථානයට $10 ත් වගේ දෙන්න. දෙකටම එකම අගයක් දෙනව නම් $ 10 ම එකවර Buy කලයුතුයි කියන එකයි අදහස. හරි දැන් 6 වන තැනට ඔයාගෙ බැංකු තොරතුරු දෙන්න. අවශ්‍ය නම් Paypal /skrill /Neteller / Payoneer උනත් දෙන්න පුළුවන්. ලංකාවෙ deposit අවුල නිසා බැංකු ගිණුමේ තොරතුරු දෙන්න. 7 කොටසට දුරකථන අංකය , Skype ID  සහ E mail එකක් වගේ ඔබව ඉක්මනින් සම්බන්ද කරගතහැකි details දෙන්න. 8 වන තැනට ඔබ ඉක්මනින්ම ගණුදෙනුව කරල දෙනව කියල වගේ පොඩි විස්තරයක් දාල 9 වන ස්ථානයේ ඇති post ad click කලාම පහත ආකාරයට Sell Ad එක බලාගන්න පුළුවන්.



   ඉතින් මේ post එක deriv.com ගිණුමක් තිබෙන හැම කෙනෙකුටම ඉතා වැදගත් වෙයි. පුළුවන් කමක් තියෙනවනම් තවත් කෙනෙකුට බලන්න share කරන්න. අප වෙබ් අඩවිය හරහා ගිණුම් නිර්මාණය කල ඔබ සියළු දෙනාගේම ගිණුමක ඇතිවන ඕනෑම ගැටළුවක් වෙනුවෙන් පුද්ගලිකව මා බැඳී සිටිමි.

ස්තුතියි.!   

මගේ සාර්ථකත්වයේ DERIV PAYMENT PROOF කිහිපයක් ඔබවෙත 😀😀😀 💗















Trading Business එකට ඉතා වැදගත් Online බැංකු  ගිණුම් දෙකක්  තමයි මේ  SKRILL  /  NETELLER   කියන්නෙ.ඒ නම් වලින්ම  Fake  websites ඕන තරම් තිබෙන බව දැනටමත් ඔබ දන්නවා. මේ ගිණුම් දෙක අපට ඉතා වටිනව. ඒ නිසයි මේ link එකෙන් යන්න කියල කට කැඩෙනකන් කියන්නෙ.ඔයාට කැමති විදියකට කරගන්න. කොහොමහරි ගිණුම් දෙකම හදල Verify කරල තියාගන්න. USD Deposit එකක් උනත් මට කරල දෙන්න පුළුවන්. අවශ්‍ය අය cskusd@gmail.com වලට මට  මෙච්චර ප්‍රමාණයක් ඕන. Rate කීයද කියල අහල එවන්න..ok 
  • Skrill       ගිණුමක්👉 මෙතනින් ගිහින් හදාගන්න
  • Neteller   ගිණුමක්👉 මෙතනින් ගිහින් හදාගන්න 
         
    Skrill වෙබ්අඩවියෙන්ම ගිණුමක් හදන එක හොඳයි කියල හිතෙනව නම්

  •  Make directly from the Skrill website👉 මෙතනින් ගිහින් හදාගන්න 
     Neteller  වෙබ්අඩවියෙන්ම ගිණුමක් හදන එක හොඳයි කියල හිතෙනව නම්

  •  Make directly from the Neteller  website👉 මෙතනින් ගිහින් හදාගන්න
    

         
          🙏   විශ්වාසය, උනන්දුව, කැපවීම සහ ඉවසීම ඔබේ රන් යතුර වේ  🙏
           
    

(මෙම ව්‍යාපාර ඉතා අවදානම් ව්‍යාපාර බැවින් නිවැරදි හැදෑරීමකින් තොරව මුදල් ආයෝජනය කිරීමට යාම ඔබ යොදන මුදලම පවා නැතිව යාමට ඉඩකඩ තිබේ. ඒනිසා ඔබට දැරියහැකි මුදලක් පමණක් ආයෝජනය කරන්න. ණයට, පොලියට මුදල් ගෙන ඉක්මනින් ලාබ සෙවීමට යාම ඉතා අනුවණ ක්‍රියාවක් බව වටහා ගන්න.) 

RISK WARNING   

The products offered on the Binary.com website include binary options, contracts for difference ("CFDs") and other complex derivatives. Trading binary options may not be suitable for everyone. Trading CFDs carries a high level of risk since leverage can work both to your advantage and disadvantage. As a result, the products offered on the website may not be suitable for all investors because of the risk of losing all of your invested capital. You should never invest money that you cannot afford to lose, and never trade with borrowed money. Before trading in the complex products offered, please be sure to understand the risks involved.